Home උණුසුම් පුවත් වෛද්‍ය පීඨ යන්න බැරිවූ සිසුන් 100ක් රජයේ වියදමින් කොතලාවලට- වෘත්තිය සංගම් විරෝධය

වෛද්‍ය පීඨ යන්න බැරිවූ සිසුන් 100ක් රජයේ වියදමින් කොතලාවලට- වෘත්තිය සංගම් විරෝධය

වෛද්‍ය පීඨ යන්න බැරිවූ සිසුන් 100ක් රජයේ වියදමින් කොතලාවලට- වෘත්තිය සංගම් විරෝධය

රජයේ වෛද්‍ය පීඨවලට ඇතුලත් වීමට නොහැකි වූ සිසුන් 100 දෙනෙකු රජයේ වියදමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව අප්‍රසාදය ප්‍රකාශ කරන බව අධ්‍යාපන මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ තවත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති 85ක ගේ ඒකාබද්ධ ප්‍රකාශයක් ලෙස අධ්‍යාපන මිලිටරිකරණය එරෙහි ජනතා ව්‍යාපාරය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කර තිබේ.

රාජ්‍ය වෛද්‍ය පීඨ 11 ක් තිබියදී එම සිසුන් 100 දෙනා ඒවාට ඇතුළත් නොකොට ආණ්ඩුවේ වියදමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුලත් කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගත් තීරණය පිළිබඳ තම සංවිධානයට නොවැටහෙන බව ද එය අවංක උත්සාහයක් නොවන බවද සදහන් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නොසලකා හැර නීතිවිරෝධී ලෙස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කිරීමට උත්සාහ ගෙන ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා රටේ ජනතාවට වගකිවයුතු වන අතර ඔහු නීතිවිරෝධී ලෙස කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලියට ක්‍රියාවලියට ආධාර අනුබල ලබා දීමෙන් මහජනතාව නොමඟ යවා ඇතැයි ද එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here