Home උණුසුම් පුවත් ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමිය නැරඹීමට විවෘත කෙරේ

ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමිය නැරඹීමට විවෘත කෙරේ

ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමිය නැරඹීමට විවෘත කෙරේ

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමිය නැරඹීමේ අවස්ථාව පාසල් සිසුන්ට උදාකර දී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

පාසල් විෂය නිර්දේශයට ඇතුළත්ව ඇති ඉබ්බන්කටුව මහා ශිලා සුසාන භූමිය පිළිබඳ විස්තර සහ ඒ නැරඹීමේ අවස්ථාව මෙමගින් පාසල් සිසුන්ට හිමි වන අතර දෙස් විදෙස් සංචාරකයින් සඳහා ද එම සුසාන භූමිය නැරඹීමේ අවස්ථාව සලසා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉබ්බන්කටුව කලා කලාඔයේ කෝෂක ශාඛාවක් වූ දඹුලු ඔයේ වම්ඉවුර කේන්ද්‍ර කරගෙන මෙම සුසාන භූමිය පිහිටා තිබේ.

එය හෙක්ටයාර 13 ක භූමි ප්‍රමාණයක් වන අතර මෙගලිතික ගණනාවකින් සමන්විත වන සුසාන භූමියක් වන අතර එය මෙරටින් සොයා ගත් මනා ලෙස සංරක්ෂිත වූ පූර්ව ඓතිහාසික සුසාන භූමියක් බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here