
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ වැඩිමහල් ප්රතයා වන ආර්යන් කාන් ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ආර්යන් කාන් විසින් මුම්බායි නුවර ආසන් මුහුදේ නෞකාවක පැවති සාදයකට සහභාවී සිටින අතරතුරදී ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙලෙස අත් අඩංගුවටගෙන ඇති බව වාර්තාවේ.
අදාල සාදය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් වටලා ඇති අතර එහිදී කොකේන් ඇතලු මත්ද්‍රව්‍ය හමුවීමත් සමඟ ආර්යන් කාන් ඇතුලු කිහිපදෙනෙකු සිය භාරයට ගත්ව බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ සඳහන් කරයි.
පසුව ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කර ඇති බවත් එහිදී ආර්යන් ඛාන්ව අත් අඩංගුවට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නෞකාව සුඛෝපභෝගී නෞකාවක් වන බවත් එහි පැවති සාදයට ඇතුලු වීමට විශාල මුදලක් ගෙවා ටිකට් පතක් ගතයුතුව තිබූ බවත් සඳහන්ය. මෙම වැටලීම ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් කාලය සිට පැවැත්වූ පරීක්ෂණයක ප්‍රතිඵලයක් බවද ඔවුන් සඳහන් කර තිබේ.
ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වේ.