Home COVID ෆයිසර් අවුරුදු 5-11 වයස්වල දරුවන්ට දෙන්න අනුමැතිය ඉල්ලයි

ෆයිසර් අවුරුදු 5-11 වයස්වල දරුවන්ට දෙන්න අනුමැතිය ඉල්ලයි

0
ෆයිසර් අවුරුදු 5-11 වයස්වල දරුවන්ට දෙන්න අනුමැතිය ඉල්ලයි

ෆයිසර් සමාගම සිය කොරෝනා මර්ධන එන්නත වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන් ලබාදීමට අවසර ලබාගැනීමට අදාල දත්ත ඇමරිකානු බලධාරීන් වෙත අද(28) දින ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ෆයිසර් එන්නත වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන් ලබාදීමේන් අත්කරගත් සාර්ථක ප්‍රතිඵල වලට අදාල දත්ත මෙහිදී ඉදිරිපත් කර ඇත.

අදාල දත්ත ඇමරිකාවේ ආහාර සහ ඖෂද පාලනාධිකාරිය වෙත මේවනවිටත් යොමුකර ඇති බවත් එන්නත අදාල වයස්වල දරුවන්ට හදිසි භාවිතයට ගැනීමට කඩ්නමින් අනුමැතිය හිමිවනු ඇති බවට විශ්වාස කරන බවත් ෆයිසර් සමාගම පවසයි.

මේ අතර ඇමරිකාවේ ආහාර සහ ඖෂද පාලනාධිකාරිය මෙම මස මුලදී පවසා සිටියේ වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට එන්නත ලබාදීමට අදාල දත්ත සලකා බැලීම සති කීපයක් ඇතුලත අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ෆයිසර් එන්නත් වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන් හදිසි භාවිතයට අනුමැතිය ඔක්තෝම්බර් මස අවසානයේදී ලබාදීමට ඉඩ පවතින බවද වාර්තා වේ.

ෆයිසර් එන්නත අවුරුදු 16ට ඉහළ ඇමරිකානුවන්ට ලබාදීමට මේවන විටත් පූර්ණ අනුමැතිය හිමිවී ඇති අතර අවුරුදු 12ත් 15 අතර වයස්වල ළමුන්ට හදිසි භාවිතයට අනුමැතිය හිමිව තිබේ.

මේ අතර ෆයිසර් එන්නත වයස අවුරුදු 2ත් 5ත් අතර ළමුන්ට ලබාදීමේ සම්බන්ධයෙන් මේවන විටත් සායනික පර්යේෂණ පවත්වමින් යන අතර ඊට අදාල දත්තද නුදුරේදීම අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here