Home උණුසුම් පුවත් ආරවුලක් නිසා කොළඹ මහ නගර සභාවේ වර්ජනයක්

ආරවුලක් නිසා කොළඹ මහ නගර සභාවේ වර්ජනයක්

ආරවුලක් නිසා කොළඹ මහ නගර සභාවේ වර්ජනයක්

කොළඹ මහ නගරසභාවේ
සේවක සෙවිකා සේවිකාවෝ පිරිසක් අද පෙරවරුවේ සිට මේ දක්වා වැඩ වර්ජනයක නිරත වෙති.

කොළඹ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ටෝනි රම්සි මහතා නාගරික භාණ්ඩාගාරවරියට බැන තර්ජනය කළ බව කියන සිද්ධියක් හේතුවෙන් එම සේවකයෝ වර්ජනයේ නිරතව සිටිති.

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින්නේ කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල්වලට සහන බඩු මල්ලක් ලබා දීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන නිකුත් නොකරන බවට චෝදනා කරමින් ටෝනි මහතා නාගරික බණ්ඩාරවරියට බැන තර්ජනය කර ඇතැයි වැඩ වර්ජිත සේවකයෝ පැවසූහ.

කොළඹ මහනගර සභාවේ මුදල් කමිටුව ඉකුත් සිකුරාදා රැස් වූ අවස්ථාවේදී සහන බඩු මළු බෙදාදීමේ ප්‍රශ්නය දුරදිග ගොස් තිබූ අතර මුදල් කමිටුවේ සාමාජිකයෙකු වන ටෝනි රම්සි මන්ත්‍රීවරයා එහිදී බණ්ඩාරවරියට බැන තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here