
මැදපෙරදිග ආර්ථික පෙරලියක් සිදුකරමින් නැගී සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇමති මණඩලයේ වෙනසක්ම කිහිපයක් සිදුකර ඇත.
රාජ්‍යයේ ඉදිරි ප්රගමනය උදේසා මෙම වෙනස්කම් සිදුකළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් සඳහන් කර තිබේ.
ඒ අනුව ඔහු සිය පුතු ෂෙයික් මක්ටුම් බින් මොහොමඩ් රශිඩ් අල් මක්ටුම් උප අග්‍රාමාත්‍යවරයා සහ නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර කළ බව ප්‍රකාශ කළේය.
මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආහාර සහ ජල සුරක්ෂිතාව පිළිබඳ අමාත්‍යවරිය ලෙස කටයුතු කළ මැරියම් අල් මුහාරි කාලගුණික විපර්යාසය සහ පරිසරය අමාත්‍යවරිය ලෙස පත්කර ඇත.
අදාල අමාත්‍යධුර වල වෙනස්කම් සිය රාජ්‍යයේ ඉදිරි ගමන වඩාත් ශක්තිමත්ම කිරීම උදේසා සිදුකළ බව ඩුබායි හී පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් සඳහන් කර සඳහන් කළේය.
සිය ආර්ථික ශක්තිමත්ම කිරීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය නව වැඩසටහන කිහිපයක්ම ආරම්භ කළ අතර විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම එහි මූලික අරමුණ වී තිබේ.
එක්සත් එමීර් රාජ්‍ය මේවන විට සිය ආර්ථික බොරතෙල් මත යැපීම වෙනුවට වෙනත් ක්‍රමවේද මත ශක්තිමත්ම කිරීමට අපේක්ෂා කරන අතර ඉදිරි කාලයේ දී ඊට අදාල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වීමට නියමිත බවට වාර්තා වේ.