Home උණුසුම් පුවත් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ අයට වාරික ක්‍රමයක්

විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ අයට වාරික ක්‍රමයක්

විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ අයට වාරික ක්‍රමයක්

කොරෝනා හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකිව සිටින පාරිභෝගිකයින්ට හිඟ විදුලි බිල්පත් කොටස් වශයෙන් දීමට වසර දෙකක සහන කාලයක් ලබා දෙන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

ඒ අනුව පාරිභෝගිකයින්ට හිඟ විදුලි බිල්පත් මාසික වාරික වශයෙන් හෝ මාස කිහිපයක වාරික වශයෙන් ගෙවා නිම කළ හැකි බවද විදුලිබල අමාත්‍යවරයා කීය.

එලෙස වාරික වශයෙන් ගෙවන්න විදුලි බිල්පත් සඳහා සුළු පොලී අනුපාතයක් අය කරන බවද බවද ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

අයකරන පොලී අනුපාතය සහ බිල්පත් ගෙවීමේ ක්‍රමවේදය ඉතා ලඟදිම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ගාමිණී ලොකුගේ මහතා කීය.

මේ වන විට රට පුරා නොගෙවා ඇති ඉදිරිපත් කළ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි 4400 ඉක්මවා ඇතැයි ද ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here