Home COVID ගැබිනි මවුන් 5000කට ‍කොවිඩ් – 52ක් මියගිහින්

ගැබිනි මවුන් 5000කට ‍කොවිඩ් – 52ක් මියගිහින්

ගැබිනි මවුන් 5000කට ‍කොවිඩ් – 52ක් මියගිහින්

කොරෝනා ආසාදිතව මෙරටින් වාර්තාවන ගර්භනී මාතාවන්  සංඛ්‍යාව 5000 ක් ඉක්මවා ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

මේ වන විට හමුවූ කොරෝනා රෝගීන් 5000න් 200 දෙනකු පමණ අද වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

කොරෝනා ආසාදිත ව මියගිය ගර්භනී මව්වරුන්ගේ සංඛ්‍යාව 52ක් බවද ඇය සඳහන් කළාය.

මේ අතර ශ්‍රී ලංකාවේ ගර්භනී මාතාවන් ගෙන් 90% කටම මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවැසුවාය.

විවිධ සංකූලතා තිබෙන සහ එන්නත් පිළිබඳ වැරදි අවබෝධයෙන් කටයුතු කරන ගර්භණි මාතාවන් සුළු පිරිසක් එන්නත් ලබා නොගන්නා බවද ඇය සඳහන් කළාය.

ගර්භණි මාතාවන්ගේ ජීවිත ආරක්ෂාව සහ කුස තුළ තුළ සිටින දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් ලබාගන්නැයි ගර්භනී  මාතාවන්ගේ ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here