Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන්ම සැකසූ දුම්රිය මැදිරි 20ක් ඇවිත්

ශ්‍රී ලංකාව වෙනුවෙන්ම සැකසූ දුම්රිය මැදිරි 20ක් ඇවිත්

ශ්‍රී ලංකාව වෙනුවෙන්ම සැකසූ දුම්රිය මැදිරි 20ක් ඇවිත්

ඉන්දියාවේ නිෂ්පාදිත දුම්රිය මගී මැදිරි විස්සක් ලැබී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි ඉන්දියාවේ නිෂ්පාදනය කළ එම දුම්රිය මැදිරි කුරහන් පැහැයෙන් යුක්ත ඒවා බව ද ඉදිරියේදී ඒවා ධාවනය ට යොදා ගන්නා බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට දුම්රිය මැදිරි 160ක් ලැබීමට නියමිත අතර මේ වන විට දුම්රිය මැදිරි හැටක් විටින් විට ලැබී ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

ඉන්දීය සහන ණය යෝජනා ක්‍රමය යටතේ ඉදිරියේදි ඉතිරි මගී දුම්රිය මැදිරි ප්‍රමාණය ලැබීමට නියමිත බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here