Home උණුසුම් පුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට වෙච්ච දේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට වෙච්ච දේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට වෙච්ච දේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද සභාවට ඉදිරිපත් කළ යෝජනා දෙකකට පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය දැක්වූහ.

පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් සභාපතිවරයා එම යෝජනා දෙකම ඉල්ලා අස් කර ගත්තේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව අද පෙරවරු 10 ට රැස්වූ අතර එහිදී මාර්ග දෙකක් තාර දමා සංවර්ධනය කිරීමේ යෝජනා දෙකක් සභාපතිවරයා සභාවට ඉදිරිපත් කළේය.

පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කෑකෝ ගසමින් ඊට විරෝධය දැක්වුහ.

ඔවුන් කියා සිටියේ සභාපතිවරයා තමන්ගේ කොට්ඨාශයට පමණක් ප්‍රතිපාදන වෙන් කරගන්නා නමුත් අනෙකුත් මන්ත්‍රීවරුන්ට එලෙස ප්‍රතිපාදන වෙන් කර නොදෙන බවය.

පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කෑකෝ ගැසීම් පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් සභාපතිවරයාwe සිය යෝජනා දෙක ඉල්ලා අස්කර ගත්තේය.

කෙසේවෙතත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ රැස්වීම ඝෝෂා මැද පැය 2කට ආසන්න කාලයක් අද පෙරවරුවේ පැවැත්විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here