Home උණුසුම් පුවත් වර්ජන නිසා උ/පෙළ – ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් 50%ක්වත් ඇවිත් නෑ

වර්ජන නිසා උ/පෙළ – ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් 50%ක්වත් ඇවිත් නෑ

වර්ජන නිසා උ/පෙළ – ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් 50%ක්වත් ඇවිත් නෑ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50% දෙනෙකුගේවත් අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන හෙයින් උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ගේ අයදුම්පත්‍ර ගෙවීම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.

මේ අතර මහාචාර්ය කපිල පෙරේරා මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ යම් ශිෂ්‍යයකුට උසස් පෙළ හෝ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි වගකීම ඒ ඒ විදුහල්පතිවරුන් භාරගත යුතු බව ය.

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගන්නා අවසාන දිනය මේ මස 15 හෙයින් ඊට ප්‍රථම අයදුම්පත් එවැන්නයි ඉල්ලා සිටින බව ද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here