Home COVID කොවිඩ් මරණ ආදාහනයට රජයෙන් මුදල්

කොවිඩ් මරණ ආදාහනයට රජයෙන් මුදල්

කොවිඩ් මරණ ආදාහනයට රජයෙන් මුදල්

කොවිඩ් මරණ ආදාහනය කිරීම සඳහා මින් ඉදිරියට රජය මුදල් ලබාදීමට තීරණය කර ඇතැයි පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

එක් කොවිඩ් මරණයක් ආදාහනය කිරීම සඳහා වැය වන රුපියල් 5000 මුදල රජය මගින් දරන බවද රොෂාන් රණසිංහ මහතා කීය.

ඒ අනුව ඉකුත් අගෝස්තු මස 31 වැනි දින දක්වා සිදුවූ කොවිඩ් මරණ 2417ක් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 120ක මුදලක් වැය කර තිබෙන බවද රොෂාන් රණසිංහ මහතා කීය.

රට පුරා සියලු පළාත් පාලන ආයතන නියෝජනය වන පරිදි එම මුදල් වැය කර ඇතැයි ද රොෂාන් රණසිංහ මහතා කීය.

සබරගමුව 488ක්, වයඹ 391ක්, මධ්‍යම 260ක්, ඌව 171ක්, දකුණ 537ක්, උතුරු මැද 100ක්, බස්නාහිර 399ක්, නැගෙනහිර 71ක් ආදි වශයෙන් කොවිඩ් මරණ වෙනුවෙන් රුපියල් පන්දහස බැගින් වැය කර ඇති බවද රොෂාන් රණසිංහ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here