
මෙරට පාසල්වල අධ්‍යාපනය ලබන හත් වෙනි ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා වන කාණ්ඩයේ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අවුරුදු 12 ත් 18 ත් අතර පසුවන එම දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට එන්නත් මාත්‍රා ලක්ෂ හතළිහක් පමණ අවශ්‍ය බවද අමාත්‍යවරයා කියයි.
7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට කඩිනමින් එන්නත් ලබාදීමෙන් පසුව පාසල් යළි විවෘත කළ හැකි බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.