Home උණුසුම් පුවත් ආනයනය සීමා තිබියදීත් ගෙවුණු වසරේ අත්‍යවශ්‍ය නොවන බඩුවලට දැවැන්ත මුදලක්

ආනයනය සීමා තිබියදීත් ගෙවුණු වසරේ අත්‍යවශ්‍ය නොවන බඩුවලට දැවැන්ත මුදලක්

ආනයනය සීමා තිබියදීත් ගෙවුණු වසරේ  අත්‍යවශ්‍ය නොවන බඩුවලට දැවැන්ත මුදලක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2020 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 871ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

භාණ්ඩ ආනයනය සීමා කර තිබියදීත් එවැනි විශාල මුදලක් වැය කිරීමට සිදු වූ බවද මහ බැංකුව කියයි .

ඉකුත් 2019 වසරේ දී එම භාණ්ඩ වල ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1058ක්ව පැවති බවද මහ බැංකුව කියයි.

2021 මුල් මාස හය තුළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාව වැයකර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 753කි.

ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, රෙදිපිළි, සංගීත භාණ්ඩ, විසිතුරු භාණ්ඩ, පිඟන් භාණ්ඩ ආදිය අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණයට අයත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here