
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ මැකී ගොස් තිබූ දත්ත මොරටු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික කණ්ඩායමක් මගින් ප්‍රතිසාධනය කරමින් තිබෙන බව වාර්තා වෙයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ තිබූ එම අධිකාරිය සතු ලිපි ගොනු 5623ක් අස්ථානගතව තිබෙන බවද බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් එම ලිපිගොනු ප්‍රධාන ලිපිගොනු නොවන බවද එම අධිකාරියේ ප්‍රකාශකයෙක් කීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය ඉකුත් 2018 වසරේ දී ඩිජිටල්කරණය කර තිබූ අතර එහිදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දත්ත සමූහය මැකී යන්නට ඇතැයි සැක කරන බව ද එම ප්‍රකාශකයා පැවසීය.