Home උණුසුම් පුවත් ලොකු ළූනු ආනයනය නවතී – ඉදිරියේ දී මිල පහළට

ලොකු ළූනු ආනයනය නවතී – ඉදිරියේ දී මිල පහළට

ලොකු ළූනු ආනයනය නවතී – ඉදිරියේ දී මිල පහළට

ලොකු ලූනු ආනයනය කිරීම තාවකාලිකව නතර කළ බව පිටකොටුව තොග වෙළඳ සංගමය සඳහන් කරයි.

ආනයනික ලොකුලූනු සඳහා රජය රුපියල් 40 ක බද්දක් පැනවීම හේතුවෙන් එම තීරණය ගත් බවද පිටකොටුව තොග වෙළෙඳ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

තවද ලබන සතිය පමණ වන විට දේශීය ලොකුළූණු වෙළඳපොළට පැමිණීමට නියමිතව ඇති හෙයින් ලොකුලූනු මිළ පහත යනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

ආනයනික ලොකුලූනු සඳහා රුපියල් 40 ක බද්දක් පැනවීම නිසා ආනයනය කළ ඒවා වැඩි මිලට අලෙවි කිරීමට අපහසු හෙයින් ආනයනය තාවකාලිකව නතර කළ බවද එම ප්‍රකාශකයා කීය.

ආනයනික ලොකුලූනු කිලෝවක අද පැවති තොග මිල රුපියල් 140-160ක් අතර වූ බවද එම ප්‍රකාශකයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here