Home අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය TV එකෙන් – නව මධ්‍යස්ථානය විවෘතයි

පාසල් අධ්‍යාපනය TV එකෙන් – නව මධ්‍යස්ථානය විවෘතයි

පාසල් අධ්‍යාපනය TV එකෙන් – නව මධ්‍යස්ථානය විවෘතයි

පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනිය මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිතව ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද විවෘත කෙරිණ.

පවතින කොවිඩ් තත්වය නිසා අතපසු වන අධ්‍යයන කටයුතු නිසිපරිදි සිදුකිරීම සඳහා මෙමගින් සිසුන්ට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

නවීන තාක්ෂණික පහසුකම්වලින් පිරි අධිවේගී අන්තර්ජාල සබඳතාවලින් සන්නද්ධ මෙම මධ්‍යස්ථානය මගින් ජාතික අධ්‍යාපන ආයතනයේ සකස් කළ සියලු විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව රූපවාහිනි නාලිකා සහ වෙබ් නාලිකා මගින් ඉදිරියේදී ප්‍රේෂණය කිරීමට නියමිතය.

පහසුකම් නොමැති දරුවන්ට රූපවාහිනිය මගින් සිය අධ්‍යාපන කටයුතු නිවසේදීම හැදෑරිය හැකි බවද මුළු දිවයිනම ආවරණය වන පරිදි ඉදිරියේදී මෙම අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here