Home උණුසුම් පුවත් පොලිසියට අයිතියක් නැති දේවල් මතක් කරමින් මැකොගෙන් පොලිස්පතිට ලිපියක්

පොලිසියට අයිතියක් නැති දේවල් මතක් කරමින් මැකොගෙන් පොලිස්පතිට ලිපියක්

පොලිසියට අයිතියක් නැති දේවල් මතක් කරමින්  මැකොගෙන් පොලිස්පතිට ලිපියක්

සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිත කරමින් කටයුතු කිරීමටවත් පොලිසියට හැකියාවක් නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවට ප්‍රතිචාර දක්වමින් එම කොමිෂන් සභාව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා වෙත එම ලිපිය යවා ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගන්නා බවත් එම පක්ෂයේ දේශපාලන කටයුතුවලට පොලිසිය නිතර නිතර බාධා එල්ල කරන බවටත් සඳහන් කරමින් එම ඉකුත්දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

එම පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසමක් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ දේශපාලන පක්ෂයකට සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන කටයුතු සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී තිබෙන බවය.

ආණ්ඩුව විවේචනය කිරීමට දේශපාලන පක්ෂයකට බාධාවක් නැතැයි ද මැතිවරණ කොමිසම පොලිස්පතිවරයාට යවා ඇති එම ලිපියේ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here