
කොවිඩ් වෛරසය ආසාදිතව සිට සුවය ලබා සිටින පුද්ගලයින්ට ඇතැම්විට විශාදය වැනි රෝග තත්ත්වයන් වැළඳිය හැකි බැවින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය බව කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය මනෝ වෛද්‍ය විශේෂඥ චාමර විජේසිංහ මහතා කීය.
යම් හෙයකින් එලෙස ප්‍රතිකාර නොගන්නේ නම් එම පුද්ගලයා ජීවිතය හානි කර ගැනීමට පවා යොමු විය හැකි බවද ඔහු කීවේය.
ආසාදිත රෝගියෙකු සුවය ලැබූ පසු ඔහුගේ ඇඟපත අප්‍රාණිකව තිබීම, හැමවිටම දුකෙන් කනගාටුවෙන් පසුවීම, කෑම අරුචිය, නින්ද නොයාම වැනි රෝග ලක්ෂණවලින් පෙළේ නම් ඔහු ඉතා ඉක්මනින් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු විය යුතු බව ද විජේසිංහ මහතා කීය.
එවැනි රෝගීන්ට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනයේ 1926 දුරකථන අංකයට කතා කර නොමිලේ වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බව ද බවද ඔහු කීය.