
ෆයිසර් එන්නත ලබා දිය යුත්තේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට මිස තරුණ පිරිසකට නොවේ යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
හම්බන්තොට ප්‍රදේශයේ වයස අවුරුදු 20ත් 30ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත් ලබාදීමට ගෙන ඇති තීරණය නිවැරදි නොවන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.
වයස අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් සදහා තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමෙන් මරණ සංඛ්‍යාව අඩුකරගත හැකි බව ද ඔහු කීය.
සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට අඩු අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවන බව පර්යේෂණවලින් සනාථ වී ඇති බව ද ඔහු කීය.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය එලෙස නිසි ලෙස ක්‍රියාත්මක නොවන හෙයින් ඔවුන්ට තුන්වෙනි මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දිය යුතු යැයි ද ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.
වයස අවුරුදු 60ට වැඩි සයිනෝෆාම් එන්නත් ලබා ගත් අයට වඩා ෆයිසර්, මොඩර්නා හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පිරිසට රෝගාතුර වීම අඩු බවට පර්යේෂණවලින් හෙළි වී ඇතැයි ද ඔහු කීය.