Home COVID මාත්‍රා දෙකම ගත් එක්දරු මවක් මියයයි

මාත්‍රා දෙකම ගත් එක්දරු මවක් මියයයි

මාත්‍රා දෙකම ගත් එක්දරු මවක් මියයයි

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි එක්දරු මවක කොවිඩ් ආසාදනයෙන් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණයවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්වන 69 හැවිරිදි වියේ පසුවු තැනැත්තියකි. ඇය හතිය හා අධික රුධිර පිඩනයෙන් පෙළී ඇත.

ඉකුත් 17 වැනිදින ඇය කොවිඩ් දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත. පසුගිය 23 වැනිදින නිවසේ සිටියදි එකවරම සිහිසුන්ව ඇති අතර රෝහල්ගත කිරිමෙන් පසු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේ දි කොවිඩ් වෛරස ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබේ.

මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් පවත්වනු ලැබූ අතර පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදු කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here