මුල් පිටුව උණුසුම් පුවත් මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ අභාවප්‍රාප්ත වෙයි

0

ජාතිවාදයට එරෙහිව වාමාංශික අරගලයේ නියුතු නියමුවෙකු ලෙස සැළකෙන මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි රෝගී තත්වයක් සඳහා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ටෙරන්ස් පුරසිංහ මහතා 60 වන වියේ පසු විය.

ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යායනාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු ද වේ.

ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (7) සිදුකිරීමට නියමිතය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version