මුල් පිටුව උණුසුම් පුවත් දකුණු මුහුදේ භූමිකම්පාවක් – සිදුවූ තැන අසාමාන්‍යයි – විදේශීය භූ විද්‍යාඥයෙක් කියයි

දකුණු මුහුදේ භූමිකම්පාවක් – සිදුවූ තැන අසාමාන්‍යයි – විදේශීය භූ විද්‍යාඥයෙක් කියයි

0

දකුණු ඉන්දියානු සාගරයේ එනම් කොළඹට දකුණු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 5.2 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් අද රාත්‍රියේ සිදු වී තිබේ.

ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට සුනාමි තර්ජනයක් නැතැයි මාලදිවයින් හා මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විශේෂඥයෝ පවසති.

කෙසේවෙතත් නෝර්වීජියානු භූ තාක්‍ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක භූ විද්‍යාඥ, ආචාර්ය ස්ටීවන් ජේ. ගීබන්ස් පවසන්නේ මෙම භූ කම්පනය අතිශය අසාමාන්‍ය භූමිකම්පාවක් බවයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම භූ කම්පනය සිදුවී ඇති බවට සලකුණු වන ස්ථානය භූ කම්පනයක් වීමට අසාමාන්‍ය ස්ථානයක් බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version