මුල් පිටුව උණුසුම් පුවත් වාහන ගණන් තවත් ඉහළට

වාහන ගණන් තවත් ඉහළට

0
vehicles

ලොව පුරා මෝටර් රථවල මිල අධික වීමට ආසන්න බව විදෙස් වාර්තා පවසයි.

වාහන සම්බන්ධ සියලු කොටස් මිලෙන් අධික වනු ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි. වාහනවල කොටස් සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය සිට සියල්ල මිලෙන් අධික වනු ඇත. වාහනව බද සකසන වානේ, ගියර් පාට්ස්, ෆ්‍රේම්වල සිට ප්ලාස්ටික් කැබැල්ල දක්වා මිල ඉහළ යන බව එම වාර්තා අවධාරණය කරයි.

නිෂ්පාදන පිරිවැයෙන් විශාල කොටසක් මෙලෙස ඉහළ යද්දී වසංගතයක් නිසා ලොක්ඩවුන් කිරීම් ආදිය සිදුවීමෙන් කම්හල් මාස ගණන් වසා දැමීමට සිදුවීම නිසා මෝටර් රථ නිෂ්පාදනය සදහා භාවිත කරන ශ්‍රම හිගතා, නව තාක්‍ෂණයන් සඳහා ආයෝජනය කිරීමට ඇති පීඩනය, උද්ධමනය ඉහළ යාම, මෙතෙක් භුක්ති විඳි සාපේක්ෂව ලාභ-හිතකාමී වෙළඳපොළට වඩා බෙහෙවින් වෙනස් විකල්ප හමුවීම මෝටර් රථ නිෂ්පාදකයින් පසුගිය මාස කිහිපය තුළ අත්විදි අනෙක් කරුණු ය.

ඩොලර් බිලියන 100 ක විකුණුම් සහිත මෝටර් රථ නිෂ්පාදකයෙකු ගැන සලකා බලන කල විකුණුම් පරිමාවේ 10% ක අඩුවීමක් වුවද පොලියට පෙර ඉපැයීම් සහ බදු 40% කින් පහත වැටෙනු ඇතැයි බොස්ටන් උපදේශන සමූහය ගණන් බලා තිබේ. එය ශුභවාදී වාතාවරණයක් වුවද මෙම විශ්ලේෂණය මඟින් සමාගමට අමුද්‍රව්‍ය සහ ශ්‍රමය වැනි සියලු විචල්‍ය වියදම් ඉවත් කළ හැකි යැයි උපකල්පනය කරන කළත් වර්තමාන තත්වය තුළ, එය කළ නොහැක්කකි.

ගැනුම්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් භාවිතා කරන දිරිගැන්වීම් සහ වට්ටම් අඩු කිරීමෙන් මෝටර් රථ නිෂ්පාදකයින්ට වැඩිවන නිෂ්පාදන පිරිවැය දරාගත හැකි බවට සැකයක් නැත. නමුත් එය දැනටමත් ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළඳපොල වන එක්සත් ජනපදයේ සහ චීනයේ සිදුවෙමින් පවතින අතර එය සදහටම පොළඹවා ගත හැකි කරුණක් නොවනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version