රට පුරා රෝහල් ගණනාවක ජීවිත ආරක්ෂක හා අත්‍යවශ්‍ය ඖෂධ එකසිය අසූ තුනක දැඩි හිඟයක් පවතින බව අද ලංකාදීප පුවත්පත ප්‍රධාන පුවතින් වාර්තා කර තිබේ.
එසේම ජීවිත ආරක්ෂක ඖෂධ 13න් 3ක් රෝහල්වල දැනට නොමැති බව සෞඛ්‍ය ආරංචි මාර්ග උපුටා දක්වමින් එම වාර්තාව පෙන්වා දෙයි.
සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සංගමය ඊයේ නිකුත් කළ නවතම වාර්තාව මගින් වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවලද සැලකිය යුතු ප්‍රමාණයකින් ඖෂධ හිඟයක් පවතින බව පෙන්වා දී තිබේ.
ඇතැම් ඖෂධ කිහිපයකට හෝ ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දී ඇත. අදාළ වාර්තාව අනුව ලියාපදිංචි ඖෂධ 483න් 183ක් වෛද්‍ය සැපයුම් අංශයේ ද මේ වන විට නොමැති බව හෙළිදරව් කර තිබේ.