පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ගෙන් ගෙට බෙදීම අද(16) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම අද සිට ලබන විසි නම නම වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබෙන ඡන්දදායකයන්ට ලබන 30වැනිදා සිට ඡන්ද විමසීම සිදුවන මැයි 06 දා දක්වාම තමන්ට ලිපි බෙදීම සිදු කරන තැපැල් කාර්යාලයෙන් එම ඡන්ද පත්‍රිකා ලබාගැනීමේ පහසුකම් සලසා ඇතැයි ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය.
මෙයට අමතරව ලබන විසි වැනිදා.නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම දවස පුරා සිදුවන බව නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කරයි.