Home දේශීය පුවත් උණුසුම් පුවත් වතු කම්කරුවන්ගේ මූලික වැටුප අද සිට වැඩිවෙයි

වතු කම්කරුවන්ගේ මූලික වැටුප අද සිට වැඩිවෙයි

වතු කම්කරුවන්ගේ මූලික වැටුප අද සිට වැඩිවෙයි

අද (10) සිට වතුකම්කරුවන් හට රුපියල් 1350ක මූලික වැටුප ලබාදීමට වතු සමාගම් එකඟ වී ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා පවසයි.

එය ලබාදීමට ඉදිරිපත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන්ට සිය ස්තූතිය පුද කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව රුපියල් 1700 දක්වා ඉහළ දැමුණු වතුකම්කරුවන්ගේ වැටුපෙන් මූලික වැටුප ලෙස රුපියල් 1350ක් අද සිට ඔවුන්ට ගෙවීමට නියමිතයි.

ඉතිරි රුපියල් 350ක මුදල සාකච්ඡා මාර්ගයෙන් ලබාදීමට කටයුතු කරන බවද සෙන්දිල් තොණ්ඩමාන් මහතා කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here