Home දේශීය පුවත් GOSSIP ගෑස් ටැංකියේ මන්ත්‍රීවරුන්ගෙන් නාමල්ට ඇමතුම්!

ගෑස් ටැංකියේ මන්ත්‍රීවරුන්ගෙන් නාමල්ට ඇමතුම්!

ගෑස් ටැංකියේ මන්ත්‍රීවරුන්ගෙන් නාමල්ට ඇමතුම්!

ජනාධිපතිවරණ උණුසුම ඉහළයත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෑස් ටැංකියට සහය පළ කිරීමට එක්ව සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක් නැවත නාමල් රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අද දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකට එක්ව සිටි පොහොට්ටුවේ ජනපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට මෙලෙස ගෑස් ටැංකියට සහය පළකරන මන්ත්‍රීවරුන්ගෙන් දුරකථන ඇමතුම් ලැබී තිබේ.

ගෑස් ටැංකියට අනාගතයක් නැති බව පවසමින් නැවත පොහොට්ටුවට එක්වීමට අවස්ථාව දෙන්නැයි මෙලෙස කතා කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා ඇත.

“අපි කිවුවම ඇහුවේ නැති උනාට මිනිස්සු කිවුවම අහන්නම වෙනවා. අපට සහය පළ කරන්න කලින් මුලින් මන්ත්‍රි ධුරයේ ස්වාධීන වෙලා ඉන්න” යැයි එසේ කතා කළ මන්ත්‍රීවරුන්ට නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඒ අනුව මෙතෙක් ගෑස් ටැංකියට සහය පළ කරමින් සිටි මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් ඉදිරියේ දී ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස ප්‍රකාශයට පත්කිරීමට යන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here