Home දේශීය පුවත් උණුසුම් පුවත් රනිල් ජනපති කරන සටනේ ලොකු වගකීමක් රෝහිතට පවරයි

රනිල් ජනපති කරන සටනේ ලොකු වගකීමක් රෝහිතට පවරයි

රනිල් ජනපති කරන සටනේ ලොකු වගකීමක් රෝහිතට පවරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි මාලාවේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබේ.

ජනාධිපතිතුමාට සහාය පළකරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගෙ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

රෝහිත අබේගුණවර්ධන මහතාව කැඳවුම්කරු ලෙස පත් කිරීමේ යෝජනාව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කර ඇති අතර එය ඒකමතිකව සම්මත වී තිබේ.

මේ පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දැනුම්වත් කිරීමේදී, රෝහිත අබේගුණවර්ධන මහතාට මෙම වගකීම පැවැරීම පිළිබඳව ජනාධිපතිතුමා සිය ප්‍රසාදය පළකර ඇත.

ඒ අනුව මෙම මස 24 දින සිට ජනාධිපතිතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි සංවිධාන කෙරෙන ‘පුළුවන් ශ්‍රී ලංකා’ මහජන රැළි මාලාව ඇතුළු ප්‍රධාන ප්‍රචාරක රැළි 90කට ආසන්න ප්‍රමාණයක සම්බන්ධීකරණය සහ සංවිධානය රෝහිත අබේගුණවර්ධන විසින් සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here