Home උණුසුම් පුවත් පක්ෂ කිහිපයක ලේකම් ධුර අර්බුදයක -මැකො කියයි

පක්ෂ කිහිපයක ලේකම් ධුර අර්බුදයක -මැකො කියයි

පක්ෂ කිහිපයක ලේකම් ධුර අර්බුදයක -මැකො කියයි

පිළිගත් දේශපාලන පක්ෂවලින් පක්ෂ හයක ලේකම් ධුරය සම්බන්ධයෙන් ගැටලු පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයක දැක්වුණේ, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සංධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහ සභා පක්ෂය සහ ලංකා ජනතා පක්ෂය යන පක්ෂවල ලේකම් ධුරය සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මැතිවරණ කාර්යන් සඳහා මේ වනවිට දේශපාලන පක්ෂ ගණන 84 ක් පිළිගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here