තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලි ගණින්න සූදානමක්

    අලි ගණින්න සූදානමක්

    ලබන මාසයේදී දීපව්‍යාප්ත මට්ටමින් වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 19 සහ 20 යන දිනවල එය සිදු කරන බවයි.

    ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත කරන ලද බහු කාර්ය නිලධාරීන් 4500 දෙනෙකු යොදවා තිබේ.

    ඊට අමතරව අදාළ සංගණනය පැවැත්වෙන්නේ, සියලු වනජිවී නිලධාරින් මෙන්ම යුධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ද දායකත්වයෙනි.

    සංගණනය සඳහා නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

    අවසන් වරට මෙරට තුළ වන අලි සංගණනයක් සිදු කළේ, 2011 වසරේදීයි.

    එම වාර්තාවට අනුව මෙරට සිටි වන අලි සංඛ්‍යාව, 5878 කි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img