Home උණුසුම් පුවත් “මම ජනාධිපතිවරණයට තරග කරනවා” – රනිල් වික්‍රමසිංහ

“මම ජනාධිපතිවරණයට තරග කරනවා” – රනිල් වික්‍රමසිංහ

“මම ජනාධිපතිවරණයට තරග කරනවා” – රනිල් වික්‍රමසිංහ

තමන් මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ගාල්ලේ පැවැති ජන රැලියක දී පැවසීය.

ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට තරග කරන බව මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ පළමු වතාවටය.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මුලින්ම ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. එසේ වුවද ඔහු තරගකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් විවිධ දේශපාලන මත ඉදිරිපත් වූ අතර එම සියලු මතවාද වලට පිළිතුරක් වශයෙන් මම ජනාධිපතිවරණයට තරග කරනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගාල්ල නගර සභා පරිශ්‍රයේ පැවැත්වෙන ජන රැලිය සඳහා මේ වනවිට දහස් සංඛ්‍යාත ජනකායක් එක්ව සිටිති. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම තවත් පක්ෂ රැසක මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ එක්ව ජයගමු ජන රැලිය හා එක්ව සිටින බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here