තවත්
    මුල් පිටුවදේශීය පුවත්එලෝන් මස්ක් මාස දෙකක් ඇතුළත ලංකාවට එන්න සූදානම්!

    එලෝන් මස්ක් මාස දෙකක් ඇතුළත ලංකාවට එන්න සූදානම්!

    ලෝකයේ ප්‍රමුඛපෙලේ ධන කුවේරයකුවන ටෙස්ලා සහ ස්පේස් එක්ස්හි ප්‍රධානී එලෝන් මස්ක් ඉදිරි මාස දෙක ඇතුළතදී මෙරටට පැමිණීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්ප⁣ත පාර්ලිමේන්තුවේදී සම්මතවීමත් සමඟම මස්ක්ගේ මෙරට සංචාරය තහවුරු වූ බවයි.

    පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව අණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු පැවසීය.

    එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙරට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනට ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්ප⁣ත සම්මතවීම ඉතා වැදගත් වූ බවයි.

    ඉකුත් මැයි මාසයේදී ඉන්දුනීසියාවේ පැවති 10 වැනි ලෝක ජල සමුළුවට සහභාගී වූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එලෝන් මස්ක් අතර විශේෂ හමුවක් පැවැත්වුණා.

    එහිදී Starlink ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් මස්ක් හට පෙන්වා දී තිබෙනවා.

    එම ව්‍යාපෘතියේ මූලික කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එලෝන් මස්ක් මෙරටට පැමිණෙන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

    එලෝන් මස්ක් වැනි ලෝක ප්‍රකට ධන කුවේර ව්‍යාපාරිකයන්ගේ ආයෝජන මෙරටට කැඳවා ගැනීමට හැකිවුවහොත් එමඟින් මෙරට ආර්ථිකය සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබාගත හැකිවනු ඇතැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රී කණ්ඩාමට පවසා තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img