Home උණුසුම් පුවත් ජාතික ආණ්ඩුවකට සජබයෙන් උදව් නෑ

ජාතික ආණ්ඩුවකට සජබයෙන් උදව් නෑ

ජාතික ආණ්ඩුවකට සජබයෙන් උදව් නෑ

වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට සමගි ජන බලවේගය කිසිදු ආකාරයකින් සහයෝගය නොදිය යුතු බවට වන යෝජනාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව අනුමත කර ඇත.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) පාර්ලිමේන්තු සංකීර්ණයේදී කණ්ඩායම් රැස්වීම පවත්වා තිබේ.

එහිදී එම යෝජනාව ඉදිරිපත් කර ඇත්‍තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසිනි.

මෙම යෝජනාව මීට පෙර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කර ගත් බවත්, ඒ අනුව එම යෝජනාව නැවතත් ඒකමතිකව අනුමත කර ගත් බවත් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ(02දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදහස් පළ කරමින් ප්‍රකාශ කළේය.

“අද අපි සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම රැස් වුණා. මට මතකයි මීට අවුරුදු 2ට කලින් සියලු පක්ෂ වලට ආරාධනා කළා ජාතික ආණ්ඩුවකට එන්න කියලා. අපි එදා තීරණය කළා සමගි ජන බලවේගය විදියට බංකොලොත් වුණු රටේ දූෂණ චෝදනා එල්ල වුණු උදවියත් එක්ක ජාතික ආණ්ඩුවකට අපි යන්නේ නෑ කියලා. එදා අපේ පක්ෂ කෘත්‍යාදිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම ගත්ත තීන්දුව අද අපි තවදුරටත් ඒක සහතික කළා. ඒ අනුව බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව අපි ඒකමතිකව අනුමත කළා.” යැයි හෙතෙම කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here