fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ටියුෂන් ක්‍රමයේ බය හිතෙන අනාවරණයක්

    ටියුෂන් ක්‍රමයේ බය හිතෙන අනාවරණයක්

    උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20,000කට අධික මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

    මේ නිසා එම ක්ෂේත්‍රය වහාම නියාමනයට මෙන්ම බදුවලට යටත් කළ යුතු බව මහාචාර්යවරයා පවසයි.

    තමන් උගන්වන විෂය පවා අසමත් වූ විවිධ පුද්ගලයන් ද උපකාරක පන්ති පවත්වන බවට තොරතුරු වාර්තා වන බවත් එවැන්නන් උපකාරක පන්ති පැවැත්වීම අපරාධයක් බවත් ඔහු සඳහන් කළේය.

    ළමයින් රටේ අනාගතය නිසා මෙවැනි උපකාරක පන්ති ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලිය යුතු බවත්, ඔවුන් කුමන හෝ ස්ථානයක ලියාපදිංචි කළ යුතු බවත් මාහාචාර්යවරයා පෙන්වා දෙයි.

    ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල කාර්ය භාරයක් පැවරෙන බවත් එසේ නොකළහොත් පාසල් අධ්‍යාපනය උපකාරක පන්තිවල ගොදුරක් බවට පත්වන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.