Home උණුසුම් පුවත් සරසවි අනධ්‍යන සේවක දීමනා ගැන තීරණයක්

සරසවි අනධ්‍යන සේවක දීමනා ගැන තීරණයක්

සරසවි අනධ්‍යන සේවක දීමනා ගැන තීරණයක්
Concept of design horizontal banner flat vector.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීම සම්බන්ධයෙන් මේ සතියේ තීරණයක් ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ දීමනා ලබාදීමට වාර්ෂිකව රුපියල් බිලියන 1.3 ක් පමණ වැයවන බව මේ වනවිට ගණන් බලා ඇතැයි අමාත්‍යවරයා කීය.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනටත් ක්‍රියාත්මක වේ.

ඒ ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලබා නොදුන් බව කියමිනි.

ඒ අනුව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩවර්ජනය අද ක්‍රියාත්මක වන්නේ 15 වැනි දිනටයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසුවේ, ඊයේ දිනයේ සිට වැඩවර්ජනය දැඩි කිරීමට කටයුතු කළ බවයි.

අනධ්‍යන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යන සේවකයින්ගේ මාසික හිලවු දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළහ.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනයට සහය පළ කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ තීරණය කළේ ය.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටලුව හැකි ඉක්මනින් විසඳා දෙන්නයි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here