මුල් පිටුව උණුසුම් පුවත් සිනොපෙක් තෙල් මිලත් බහී

සිනොපෙක් තෙල් මිලත් බහී

0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් ඊයේ රාත්‍රියේ සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව සිනොපෙක් සමාගමේ තෙල් මිලද අද සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් ​​රු. 3, කින් පහළ දමා ඇති අතර නව සිල්ලර මිල රු. 365කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ​​රු. 20 කින් අඩුකර නව සිල්ලර මිල රු. 420ක් ලෙස අලෙවි කරනු ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක් ​​රු. 27 කින් අඩුවී වර්තමාන මිල රු. 333 මට්ටමේ තබා ඇත.

මේ අතර, සුපර් ඩීසල් ලීටරයක් ​​රු. 9 කින් පහළ දමා නව සිල්ලර මිල රු. 377ක් ලෙස අලෙවි කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version