Home උණුසුම් පුවත් ජපන් විදේශ කටයුතු ඇමතිනිය මෙරට සංචාරයකට එයි

ජපන් විදේශ කටයුතු ඇමතිනිය මෙරට සංචාරයකට එයි

0
ජපන් විදේශ කටයුතු ඇමතිනිය මෙරට සංචාරයකට එයි

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවනු ඇත.

එමෙන්ම, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම නිල සංචාරයට එක් වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here