Home උණුසුම් පුවත් www.garusaru.lk වෙබ් අඩවිය මාධ්‍යවේදීන්ට හඳුන්වා දෙයි

www.garusaru.lk වෙබ් අඩවිය මාධ්‍යවේදීන්ට හඳුන්වා දෙයි

0
www.garusaru.lk වෙබ් අඩවිය මාධ්‍යවේදීන්ට හඳුන්වා දෙයි

 

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්හට http://www.garusaru.lk වෙබ් අඩවිය හඳුන්වාදීම සහ ඔවුන් ඊට ඇතුළත් කර ගැනීම රත්නපුර වෙරලුපේ සෙන්චූරියා හෝටලයේ ඊයේ පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනමාධ්‍ය හමුවේදී සිදුවිය.

මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිවන සෑම ශ්‍රමිකයෙකුටම QR ඛේතයක් ලබදෙන අතර එමගින් අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් සදහා වෘත්තීය ගරුත්වය ලබාදෙන වැඩසටහනට ලියාපදිංචි වන ශ්‍රමිකයින් දායක කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දිස්ත්‍රික් සම්මන්ත්‍රණ පවත්වන අතර රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග අමාත්‍යවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.

අවිධිමත් ශ්‍රමිකයින්ගේ වෘත්තීය ගරුත්වය නංවාලිම සඳහා ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහනට, ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමට නිර්මාණය කරනා ලද http://www.garusaru.lk වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදාහැරීම රත්නපුරය්දී ඊයේ ආරම්භ වූ ”ජයගමු ශ්‍රීලංකා ජනතා ජංගම සේවයේදී” සිදු විය.

‘ගරු සරු ‘ ව්‍යාපෘතිය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සංකල්පයකට අනුව හදුන්වාදෙන ලද්දකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here