මුල් පිටුව උණුසුම් පුවත් මත්තල රුසියාවටයි ඉන්දියාවටයි දෙයි

මත්තල රුසියාවටයි ඉන්දියාවටයි දෙයි

0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරිත්වය රුසියාවේ සහ ඉන්දියාවේ සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර තිහක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-1-9 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය අනුව ආයතන 5ක් ඒ සඳහා අභිලාෂ යොමුකර තිබී ඇත.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version