තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්චීනය අමෙරිකාවේ වගකීම මතක් කරයි

    චීනය අමෙරිකාවේ වගකීම මතක් කරයි

    ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් ඇමරිකාව තම වගකීම ඉටු කළ යුතු බව චීනය කියයි

    ජගත් ප්‍රජාවේ ඉල්ලීම්වලට සවන් දෙන ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කෙටුම්පත අඛණ්ඩව විමර්ශනය කරමින් සිටින බව චීන විදේශ ඇමති වං යී මහතා කියාසිටී.

    ඉන්දුනීසියානු විදේශ ඇමතිනි Retno Marsudi මහත්මිය සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. එය ජකර්තා නුවර දී ඊයේ (18) පැවැත්විණ.

    පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බවට එහිදී පළ වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් වං යී මහතා ඉහත අදහස් පළකළේය.

    ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඉදිරිපත් කෙරුණු කෙටුම්පත් රැසක් ඇමරිකාව සම්පූර්ණයෙන්ම නිෂේධ කළ බව ද හෙතෙම පැවසීය.

    ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වන ඇමරිකාව එහි රෙගුලාසි සහ ජාත්‍යන්තර නීතිය පිළිපැදිය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

    එහිදී ඇමරිකාවට සුවිශේෂ වරප්‍රසාද හිමි නොවේ. සෙසු සාමාජික රටවල් සමග එක්ව ජාත්‍යන්තර වගකීම භාර ගනිමින් පලස්තීන ජනතාව බේරා ගැනීමට ඇමරිකාව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද වං යී මහතා පැවසීය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img