තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කණා මුට්ටිය බිඳිල්ලයි අන්ධයාට කිරි කැවිල්ලයි වෙනස් කරයි

    කණා මුට්ටිය බිඳිල්ලයි අන්ධයාට කිරි කැවිල්ලයි වෙනස් කරයි

    අලුත් අවුරුදු උත්සවයන්හි දී ‘කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම’, ‘වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම’ ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම හේතුවෙන් අදාළ තීරණය ගත් බව, ඔහු පෙන්වා දේ.

    මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා කීය.

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම ක්‍රීඩාවල නම් වෙනස් කරන ලෙසට දැනුම් දී ඇති බව සඳහන්.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img