තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඩුවුණා තමයි.. ඒත් අවදානම තවම එහෙමයි

    අඩුවුණා තමයි.. ඒත් අවදානම තවම එහෙමයි

    මෙම වසරේ ගෙවුණු මාස තුනක කාලය තුළ ඩෙංගු ආසාදිතයන් 20,000 ඉක්මවා වාර්තා වී තිබේ.

    ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වාදෙන්නේ මේ දිනයන්හි උෂ්ණාධික කාලගුණයක් පවතින නිසා ඩෙංගු මදුරු කීටයන්ගේ බෝ වීම අඩු වී ඇති අතර රෝගීන්ගේ වාර්තා වීම ද 22.8%කින් අවම වී ඇති බව ය.

    කොළඹ නගර සභා ප්‍රදේශය, කැස්බෑව, කඩුවෙල, මහරගම, බියගම, ගම්පහ, වත්තල, කුරුණෑගල, චාවකච්චේරි ප්‍රදේශයන් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබේ.

    මෙම මාස තුන තුළ ඩෙංගු මරණ 8ක් වාර්තා වී ඇත.

    ජනවාරි මාසයේදී ආසාදිතයන් 10,417ක් ද පෙබරවාරි මාසයේදී ආසාදිතයන් 6007ක් ද මාර්තු මාසයේදී ආසාදිතයන් 3615ක් ද වාර්තා වී තිබේ.

    සමස්ත ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් එනම් ආසාදිතයින් 7211ක් ලෙස 35.7%ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් ද නැඟෙනහිර පළාතෙන් ආසාදිතයන් 4215ක් ලෙස 20.9%ක් ද මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 1585ක් ලෙස 7.9%ක ප්‍රතිශතයක් වාර්තා වේ.

    තමන් ජීවත්වන පරිසරය ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථානයන්ගෙන් තොර ස්ථාන බවට පත්කර ගැනීමට පිරිසුදු කරගැනීම් කෙරෙහි මහජනතාවගේ අවධානය යොමු විය යුතු බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අවධාරණය කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img