තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කතුන්ට තනිව සංචාරය කරන්න ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි

    කතුන්ට තනිව සංචාරය කරන්න ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි

    කාන්තාවන්ට තනිව සංචාරය කිරීම සඳහා ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව අංක 01ට තේරී පත්ව තිබේ.

    timeout.com විසින් මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුවයි. ඔවුන් පවසන පරිදි මෙම ලැයිස්තුවේ ඇති රටවල්වල සිටින සිය වාර්තාකරුවන් විසින් ද සමීක්ෂණයට දත්ත සපයා ඇත.

    වර්තමානයේදී කාන්තාවන් හුදකලාව සංචාරයට ඇලුම් කරති.

    විශේෂයෙන්ම Gen Z යනුවෙන් හැඳින්වෙන පරම්පරාවේ කාන්තාවන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් තනිවම විදේශගත වීමට සලකා බලන බව එම සමීක්ෂණය පෙන්වා දෙයි.

    එනම් වෙන කවරදාකටත් වඩා කාන්තාවන් වැඩි පිරිසක් නව මිතුරන්, විවිධ සංස්කෘතීන් සහ අමතක නොවන අත්දැකීම් සොයමින් දුර බැහැර ගමනාන්ත වෙත යමින් සිටිති.

    නමුත් ඔවුන් යා යුත්තේ කොතැනටද, ඔවුන් දැනගත යුත්තේ කුමක්ද? යන්න පිළිබඳ මෙම සමීක්ෂණයේදී අවධානය යොමුකර ඇත.

    ත්‍රාසජනක ගමනක් සොයන කාන්තාවන්ට සාපේක්ෂව ආරක්ෂිත සහ පහසුවෙන් ගමන් කිරීමට රටවල් කිහිපයක් මෙහිදී ලැයිස්තුගත කර තිබේ.

    හොඳින් ගමන් කළ මංමාවත්, මිත්‍රශීලී ප්‍රදේශවාසීන් සහ නව පුද්ගලයින් හමුවීමට හෝ තනිව කාලය ගත කිරීමමට හොඳම ස්ථාන පිළිබඳ එහිදී විමසා බලා තිබේ.

    හුදකලා කාන්තා සංචාරකයින් සඳහා හොඳම ගමනාන්ත නවයක් තෝරාගෙන සහ ආරක්ෂිතව සිටිය යුතු ආකාරය පිළිබඳ දැනගැනීමේ උපදෙස් ද සමඟින් මෙම සමීක්ෂණය ප්‍රථිඵල වාර්තා කර ඇත.

    එම වාර්තාව 👉 මෙතැනින් 👈

     

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img