Home උණුසුම් පුවත් වැඩිපුරම පොල් නාස්ති කරන්නේ ලංකාවයි

වැඩිපුරම පොල් නාස්ති කරන්නේ ලංකාවයි

වැඩිපුරම පොල් නාස්ති කරන්නේ ලංකාවයි

මුළු ලෝකයෙන්ම වැඩිපුරම පොල් නාස්ති කරන පළමු රට ශ්‍රී ලංකාව බවට පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව කීය.

ආහාරය සඳහා පොල් යොදාගැනීමේ දී නාස්තිය අවම කර ගන්නා ආකාරය පිළිබඳ නව තාක්ෂණික දැනුම ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස මෙහිදී අමාත්‍යවරයා විසින් පොල් වගා කිරීමේ මණ්ඩලයට හා පොල් සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසය තුළ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 25.17කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here