Home උණුසුම් පුවත් බොහෝ සරසවි ඇදුරෝ රට හැර ගිහින්

බොහෝ සරසවි ඇදුරෝ රට හැර ගිහින්

බොහෝ සරසවි ඇදුරෝ රට හැර ගිහින්
Concept of design horizontal banner flat vector.

සියලුම විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, බොහෝ ආචාර්යවරුන් මෙරට හැර විදේශ රටවලට ගොස් ඇති බවය.

ඒ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල පුරප්පාඩු බොහොමයක් පවතින බව සභාපතිවරයා පැවසීය.
එම කරුණු සලකා බලා අලුතින් අචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ, සමස්ත විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 6200 ක් පමණ සිටි බවයි.

පසුගිය වසරේ ඉන් බොහෝ පිරිසක් මෙරට හැරගොස් ඇතැයි එම සම්මේලනය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here