උත්සව සමයේදී කැවිලි වර්ග, ආහාර වර්ග මිලදී ගැනීමේදී හොඳින් සොයාබලා මිලදීගන්නා ලෙස කොළඹ මහනගර සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂයෙන්ම පිටකොටුවේ ආහාර අලෙවිසැල් සහ පදික වේදිකාවේ අලෙවි කරන කැවිලි වර්ග මිලදීගැනීමේදි එහි නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, මහ නගර සභාවේ නිල මුද්‍රාව තිබේද යන්න අනිවාර්යයෙන්ම සොයාබලන ලෙස ද ජනතාවට දන්වා සිටී.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි ගීතිකා රත්නවර්ධන මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම වකවානුව තුල අලෙවි කරනු ලබන රසකැවිලි මිල විශාල ලෙස අඩු නම් ඒ ගැන ද සැලකිලිමත්වන ලෙසයි.
තවද කැවුම් ඇතුළු රස කැවිලි වර්ග සවස් වරුවේ අලෙවියට තබා ඇත්නම් හොඳින් පරික්ෂාවට ලක් කරන ලෙසත් ඇය ඉල්ලීමක් කරයි.
ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ අපිරිසිදු සහ කිසිදු සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට නිපදවා ඇති සියලු ආහාර වැටලීම සඳහා පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව සියළුම හෝටල්, අවන්හල් සියල්ල එලඹෙන 11 වැනි දින දක්වා අඛණ්ඩව පරික්ෂාවට ලක්කිරීමට පියවර ගන්නා බවයි.