මුල් පිටුව උණුසුම් පුවත් ඩෙංගු මර්දන සහයකයෙකුට පාතාලයෙන් වෙඩි

ඩෙංගු මර්දන සහයකයෙකුට පාතාලයෙන් වෙඩි

0

මහාබාගේ මත්තුමගල පිහිටි නිවසකට කඩා වැදී එහි පදිංචිව සිටින වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නිරතව සිටින ඩෙංගු මර්දන අංශයේ සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහා දරා ඇත්තේ කොන්ත්‍රාත්තුවක් මතද එසේත් නැතිනම් වෙඩික්කරුට වැරදීමකින්දැයි සැකයක් මේ වන විට පොලීසියට මතුවී තිබේ.

අර්ධ වශයෙන් නිමවා මෙම සේවකයාගේ නිවසට යතුරුපැදියකින් උදෑසන 8.00ට පමණ වෙඩික්කරු පැමිණ ඇත්තේ ටී 56 වර්ගයේ අවියක්ද රැගෙනය. 36 හැවිරිදි වියේ පසුවන සෞඛ්‍ය සේවකයා ඉලක්කර වෙඩික්කරු කොකා ගැස්සුවත් එය පත්තුවී නැති බව පොලීසිය කියයි. එහිදී එම සෞඛ්‍ය සේවකයා වෙඩික්කරුගේ ඇගට පැන ඔහුව බදාගෙන පොරකා ඇත. එවිට අවියේ මැගසිනයත් තවත් කොටසකුත් බිම වැටී ඇති බවත් එයින් කලබල වූ වෙඩික්කරු ටී 56 අවියේ බද කොටසින් සෞඛ්‍ය සේවකයාට පහරදී පළාගොස් ඇති බවත් පොලීසිය කියයි.

වෙඩික්කරු යතුරුපැදියේ නැගී පැදිකරු සමඟ කදාන ප්‍රදේශයට පළාගොස් ඇති බව ආරක්ෂක කැමරා දත්ත විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

ගිනි අවියේ බදින් එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයා රාගම රෝහලට ඇතුලත්කර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version