Home උණුසුම් පුවත් ජනාධිපතිවරණයට කෝටි දහසක් පමණ ඕනෑ -මැකො

ජනාධිපතිවරණයට කෝටි දහසක් පමණ ඕනෑ -මැකො

ජනාධිපතිවරණයට කෝටි දහසක් පමණ ඕනෑ -මැකො

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 975 ක් වෙන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.

එම කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සහ එහි තොරතුරු නිලධාරී බී.සී.පී. කුලරත්න මහතා පවසන්නේ කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල සහ ගමන් වියදම් වෙනුවෙන් බවයි

එය රුපියල් කෝටි 271 ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ. වාහන කුලී වෙනුවෙන් රුපියල් කෝටි 15ක වියදමක් දැරීමට සිදුවන බව සඳහන්ය.

මැතිවරණයේ මුද්‍රණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 14 ක්ද, ලිපි ද්‍රව්‍ය හා කාර්යාල භාණ්ඩ වෙනුවෙන් රුපියල් කෝටි 13ක්ද වෙන්කර තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය හා උපකරණ වෙනුවෙන් රුපියල් කෝටි 25ක්, ඉන්ධන වෙනුවෙන් රුපියල් කෝටි 80ක්, ඉදිකිරීම් හා අලුත්වැඩියා වෙනුවෙන් රුපියල් කෝටි 10ක්, සුබසාධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 40ක් ඒ අතර වේ.

තාවකාලික විදුලිය සැපයීම් හා විදුලි ගාස්තු වෙනුවෙන් රුපියල් කෝටි 171 ක්, ඡන්ද පොළ සේවා වෙනුවෙන් රුපියල් කෝටි 25ක්, ජල, දුරකථන ඇතුළු සේවා, සහ වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 55ක් ද වෙන් කිරීමට නියමිතයි.

නීතිවිරෝධි ප්‍රදර්ශන ඉවත් කිරීම, පැමිණිලි කළමනාකරණය වෙනුවෙන් රුපියල් කෝටි 7 ක්, මුද්දර හා තැපැල් ගාස්තු වෙනුවෙන් රුපියල් කෝටි 4ක්, නිරීක්ෂණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 7ක්, ප්‍රචාරණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 4ක් සහ නවාතැන් හා ගොඩනැගිලි කුලී වෙනුවෙන් රුපියල් කෝටි 5ක් මෙලෙස වෙන් කිරිමට නියමිත බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here