Home උණුසුම් පුවත් සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනියි

සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනියි

සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු දැයෙන් සමුගනියි

ප්‍රවීණ ලේඛක හා සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (21) දින අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට 80 වියේ පසු වු ඒ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබේ.

නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති ඇතුළුව විවිධ කෘති 54ක් ඔහු රචනා කළේය.

එම කෘති අතරින් සමාජ මුහුණුවර1984 වර්ෂයේ සහ යථාර්ථය සහ නිර්මාණ 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

විශේෂයෙන් 1995 පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර නැමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් බවට පත්විය.

මාතර රෝහණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඒ මහතා එම විදුහලෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් පළමුවැනියා ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here